Tuesday, September 14, 2010

අංගම්හරඹ (අංගම්පොර) - Angampora

Angampora

ඇ‍‍ඟේ මැඩිල්ල රණපිළ
ඉපැරණි අංගං හටන් ගුරු කුලය

'ANGE MEDILLA' ACADEMY OF WAR

අප දේශීය සටන් කලාවේ ඉතිහාසය ලොව අන් කවර රටක සටන් ක්‍රමයකටත් වඩා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බව අප පවසන්නේ ආඩම්බරයෙනි. අප සටන් සම්ප්‍රදායේ ඉතිහාසය මින් වසර 30000 කට එපිටට දිවයන බව අපට සාක්ෂි සහිතව සනාථ කළ හැකිව තිබේ.


මින් වසර 30000කට එපිට මේ ලක් දෙරණේ ඉපිද තමන් උගත් සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අප සටන් පුරාවත පසුකාලීන මහා රාවන නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත්කර සිංහල ‍‍‍‍‍ෙබෘද්ධ සමාජයට හිමිකර දීමේ මහා කර්තව්‍ය අරඹයි. පසුකාලීනව අංගං නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ  මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.


Angampora
1815දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අංගං ශිල්පයට උදා වන්නේ අසුබ කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත්  මරණිය ද්ණ්ඩනය පමුණුවන නියෝගද පනවයි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම පරම්පරා‍වට පමණක් ශිල්පය ලබා දීමට කටයුත කරයි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි.


අප සටන් පෙලපත

ශ්‍රී ලාකාවේ අතීතයේ සටන් පරම්පරා කිහිපයක් පැවති අතර මේ වන විට ඒවා බහෝ දුරට අභාවයට ගොස් ඇති බවද නොරහසකි. ඉතිහා‍සයේ පටන් අප සටන් පරම්පරාව හැඳින්වූයේ කොරතොට ආරච්චි පරපුර ලෙස ය. අප සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි. ග්‍රාම නාමය පවා නිර්මාණය වූයේ එලෙසිනි. රණකෙලියට ප්‍රකට වූ නිසා කෙලි තොට වී පසුව එය ජන වහරෙන් කොරතොට වී ඇත. කොරතොට කඳු ශිකරය අතීත රාවණ රජුගේ යුධ බලකොටුවක් ලෙසද පසු කාලීනය වලගම්භා රජුුගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද පසුව ටිකිරි කුමරැගේ ප්‍රධාන අංගං සටන් මධ්‍යස්ථානය ලෙසට ද පැවත ඇත. මේ කරැණු එයි ලියැවී ඇති සෙල්ලිපි වලින් පවා සනාථ වේ. ටිකිරි කුමරුන් සමඟ මුල්ලේරියා මහා සංග්‍රාමයට එක්වී එය ජයග්‍රහනය කිරීමේ භා්‍ග්‍යය අප පරම්පරාවට හිමි වේ. අප අදටද ජීවත් වනුයේ සටන් විජයග්‍රහනය ලැබූ හේවාගම් කෝරලයේ නින්දගම් භූමියේ ය. ඒ සාක්ෂිද අදටත් ජීවමාන ය.

කොරතොට රජමහා විහාරය, රන් කඩු පත්තිනි දේවලය, නවගමු පත්තිනි දේවාලය, කැළණි විහාරය අප ශිල්පීන්ගේ ප්‍රධාන දිවිරුම් මධ්‍යස්ථානයන් ය. කොරතොට කරුප්පු ආරච්චි, කොරතොට සෝභිත හිමි, මුල්ලේගම සෙනෙවි, නවරත්න මැණිකේ අප සටන් පරම්පරාවේ මුතුන් මිත්තන් ය. අතීතයේ පටන් සටන් පුහුණු කළ කොරතොට ආරච්චිවරුන් 18 දෙනාගෙන් ප්‍රධාන වූ අප පරම්පරාව මහන්ත ආරච්චි පරම්පරාවයි. අදට ද පුරාතන අංගම් මඩු තුළ අප නිර්මල ශාස්ත්‍රය පුහුණු කරමින් සිටියි.

අංගං සටනට අයත් අංග

    Angampora
  • අංගං පොර 
  • ඉලංගං සටන් 
  • මායා අංගං  
  • මන්ත්‍ර ශාස්ත්‍රය 
  •  රණ බෙර වාදනය 
  •  නිල වෙදකම



අංගං සටන් පුහුණු විය හැක්කේ කාට ද?

පිරිසිදු සිංහල බෞද්ධ ඕනෑම ලාංකීය පුරවැසියෙකුට තම හඳහන සටන් ශිල්පයට ගැලපේනම එය ඉගෙන ගැනීමේ හැකියාව ලැබේ.